Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs Ebay Address verifying

Ebay Address verifying

ebay-dropship

ගොඩක් අය අපේ ebay drop shipping lessons හරහා drop shipping පටන් අරන් තිබුනා. ඇත්තටම ඒ ගැන අහන්න ලැබීමත් ගොඩක් සතුටක්. ඉතින් මේ වෙද්දි මේ හරහා සෑහෙන්න මුදලක් උපයන පිරිසත් මේ වෙද්දි ඉන්නවා. ඉතින් ඕනම දෙයක වැඩේට බැස්සම තමයි ඒ හරහා මතු වෙන අලුත් අලුත් ගැටලුත් ඉගෙන ගන්න වෙන්නේ. අපිට පටන් ගන්නකොටම මෙන්න මේ වගේ ප්‍රශ්න මතු වෙයි කියලා කියන්න බැනේ. අන්න ඒ වගේ අපිට තවත් ප්‍රශ්න කීපයක් ඉදිරිපත් වෙලා තිබ්බා. ඒ ප්‍රශ්න වලට පිලිතුරු දෙන්න තමයි අද අපි සුදානම් වෙන්නේ.

අපි කලින් ලිපි ඔස්සේ ඔයාගේ selling limit එක වැඩි කරගන්නේ කොහොමද කියන එක ඔයාට කියලා දුන්නා. ඉතින් මේ විදියට ebay හරහා selling limit වැඩි කරගන්න ebay agent කෙනෙක් එක්ක ඔයා chat කරද්දි. එයා ඔයාගේන් විවිද ප්‍රශ්න අහනවා. සමහර අවස්තා වලදි ඔයා මේ විදියට ලබා දෙන පිලිතුරු නිසා එයාට ඔයාගේ account එක ගැන සැකයක් හිතෙන්න පුලුවන්. මේ විදියට ඔයා පිලිබදව සැකයක් මතු උනොත් එහෙම එයා කියනවා ඔයාට document verify කරන්න කියලා. මෙන්න මේ විදියේ ප්‍රශ්නයක් ඔයාට මතු වෙලා නම් තියෙන්නේ මේ වෙලාවේ. ඉස්සෙල්ලම මේකට බය වෙන්න එපා. මේ වෙද්දි ඔයාට email එකක් ලැබිලා ඇති ඔයාගේ name එකයි, address එකයි verify කරන්න කියලා.

ඒ වගේම මේ දෙක verify කරන්න ඔයගේ driving license එක සහ ඔයාගේ bank statement එකක් ඉල්ලලා ඇති ඔයාගේ billing address එක verify කරන්න. මේ දෙකම scan කරලා ඔයාට fax කරලා එවන්න කියලා fax number එකකුත් දීලා ඇති.

ඉතින් ඔයාට මේ email එකට උත්තර දෙන්නම වෙනවා. ඒ වගේම මෙතනදි ඔයාගේ email address එකයි, selling ID එකයි අහනවා. මේ සියලු තොරතුරු ඔයා ලබා දෙන්න ඕන. එහෙම උනොත් විතරයි ඔයාට මෙතනින් එහාට account එක පවත්වාගෙන යන්න පුලුවන් වෙන්නේ.

ඒ වගේම name එක verify කරන්න driving license එක වෙනුවට ID එක scan කරලා යවන්න බැරිද කියලා අපෙන් අහලා තිබුනා. ඇත්තටම මෙතාන්දි ඔයාගේ name එක English වලින් තියෙන government document එකක් තමයි යනවන්න ඕන. පරණ ID ගොඩක් එවයේ name එක සිංහලෙන් තියෙන්නේ. ඒ නිසා ඒක පිලිගන්න පුලුවන් document එකක් වෙන්නේ නැහැ. ඔයාට driving license එක වෙනුවට passport එකේ scan copy එකක් යවන්න නම් පුලුවන්. ඊලගට අපෙන් අහලා තිබුන තවත් ප්‍රශ්නයක් තමයි, මේ documents verify කරන්න, fax කරන්නම ඕනද කියන එක. මොකද මේ දවස් වල fax කරනවත් එලියට බහින එකත් අවදානම් නිසා. නැහැ ඔයාට මේ සදහා වෙන විකල්පයක් තියෙනවා. ඒ මොකද්ද කියන එක අපි ඊලගට කතා කරමු.

තින් මේ වෙද්දි ඔයත් මේ ප්‍රශ්නෙට මුහුණ දීලා නම් තියෙන්නේ. ඔයාගේ ebay account එකේ selling limit එක වැඩි කරගන්න නම් documents verify කරන්න කියලා ඔයාට දැනුම් දීමක් කරලා නම් තියෙන්නේ, මේ වෙලාවේ කලබල වෙලා account එක delete කරලා අලුතින් account එකක් එහෙම හදන්න ලෑස්ති වෙන්න එපා. මොකද මේක ඔයාගේ වරදක් නෙවෙයි. ගොඩක් වෙලාවට අලුතින් හදන ebay selling account වල මේ ප්‍රශ්නේ ගොඩක් දුරට මේ වෙද්දි අහනවා. මොකද ebay එක අලුතින් selling account හදන sellersලව trust කරනවා අඩුයි. එහෙම වෙලා තියෙන්නෙත් සමහරු කරන හොර වැඩ නිසාම තමයි. ඒ නිසා ඔයාගේ අනන්යතාවය මෙතනදි ඔප්පු කරන්න බය වන්න එපා. මේ පොඩි වැඩේ කරාම අනිවාරෙන්ම ඔයාගේ selling limit එක වැඩි කරලා දෙනවා.

ඔයාට ගෙදර ඉදන්ම documents verify කරන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා කියලා මම කිව්වා. ඒ මොකද්ද කියන එක තමයි අද අපි කියන්න සුදානම් වෙන්නේ. ඉතින් ඔයාගේ driving license එක සහ bank statement එකක් ඔයාගේ ලග තියෙනවා නම්, scan app එකක් ඔයාගේ phone එකට දාගෙන ඒ දෙකෙම scan copy එකක් ගන්න. මෙතන්දි අනිවාරෙන්ම මේ scan copy එක colored ගන්න මතක තියාගන්න. ඊට පස්සේ පහලින් තියෙන link එක පාවිච්චි කරලා ඒ ටික upload කරලා, comment box එකේ ඔයාගේ email address එක සහ selling ID එක සහ තවත් ඔයාට සදහන් කරන්න කියලා තියෙන විස්තර සදහන් කරන්න.

https://ocsnext.ebay.com/ocs/mudcwf?deptName=USRiskManagement

මේ විදියට documents send කරාට පස්සේ ඔයාට උපරිම දවස් තුනක් ඇතුලත ඔයාගේ documents verify කරලා selling limit එක වැඩි කරා කියලා ඔයාට email එකක් ලැබෙයි.