Search Online Jobs
Online jobs in Sri Lanka - Work At Home Full Time / PartTime Jobs

How to Trade with RoyalQ Bot and Earn Money Sinhala Guide

How to Trade with RoyalQ Bot and Earn Money Sinhala Guide

Royal Q Bot යෙදුම ගැන කතා කරන්න කලින් Crypto එහෙමත් නැත්තන් Cryptocurrencies ගැනත් Crypto Trading හොද අවබෝදයක් තිබිය යුතු වෙනවා. මේ ලිපියේ පලමු කොටසින් අපි  ඉතාමත් කෙටියෙන් ඒ දෙවල් ගැන කතා කරලා ඉමු.

 ඒත් එක්කම Royal Q Platform එකට සම්බන්ද වෙන්න මේ පහල දීලා තිය්න link එක පාවිච්චි කරන්න පුලුවන්.

Royal Q Platform එකට සම්බන්දවන්න

 සහ මේ ලිපියේ කොතැනක හරි ඔයාලට Royal Q Platform එක සම්බන්ද හෝ කුමක් හරි අදාල දෙයක් සම්බන්දව ගැටලුවක් තියනවනම් මේ පහල තියන Whatsapp Group එකට සම්බන්ද වෙලා අවශ්‍ය ඕනම උපකාරයක් ලබාගන්න පුලුවන්.

Whatsapp Group

  • පලමුවෙනි කොටස
    • Cryptocurrencies පිලිබද මූලික කරුනු
      • Basics of Cryptocurrencies
      • Crypto Mining
      • Crypto Exchanges 
      • Crypto Trading
      • Technical Analysis
      • Spot Trading
      • Leverage Trading
  •  දෙවන කොටස.
    • මොකක්ද මේ Royal Q Robot කියලා කියන්නේ?
    • Royal Q Robot නීත්‍යානුකූලද?
    • Royal Q Robot පාවිච්චි කරන්න අවශ්‍ය වන දේවල් මොනවද?
    • Royal Q Robot භාවිතා කිරීමේදී අපේ මුදල් වලට ලැබෙන ආරක්ශාව
    • Royal Q Robot භාවිතා කිරීමේදී ගෙවිය යුතු ගාස්තු
    • Royal Q Robot භාවිතා කර මුදල් උපයන ආකාරය
    • Royal Q Robot තවත් එක Pyramid Scheme වංචාවක්ද?
    • Royal Q Robot හි ලියාපදිංචි වීම
    • Royal Q Wallet වෙත USDT Transfer කිරීම
      • Binance එකෙන් Royal Q Wallet එකට USDT Transfer කරමු 
    • Binance API  එක සහ Royal Q App එක සම්බන්ද කිරීම
      • Binance APP Guide
      • Binance Web Guide
      • Binance App සහ Web දෙකෙන්ම මීලග පියවර
    • Royal Q Robot නිවැරදිව භාවිතය හා Trading Process එක Automate කිරීම 
      • Copy trading 
      • Manual Trading 
    • Royal Q Intelligent Bot භාවිතයෙන් ලැබෙන Profit සහ ඒවා withdraw කිරීම  
      • Royal Q Bot හරහා ලැබෙන Trade Profit  
      • Referral Bonus සහ තමන්ගේ පහල ටීම් එකේ Trade Profit එකෙන් ලැබෙන කොටස 
    • Royal Q Intelligent Bot Profit Proof
       

විශේෂ දැනුම්දීම – 

මේ ලිපිය කියවන ඔයාලා හැමෝම හොදින් මතක තියාගන්න ඕන දේ තමයි අපි මේ කතා කරන Royal Q Bot විතරක් නෙමේ ඕනම Trading Bot කෙනෙක් පාවිච්චි කරලා ලාභ ලබන්න නම් අනිවාර්‍යයෙන්ම Cryptocurrency පිලිබදව Basic Knowledge එක හෝ ඔයාට තියෙන්න ඕනේ. මේ ලිපිය කියවලා හරි නැත්තන් Youtube Video එකක් බලලා හරි ඒකේ තියන Profit එක දැකලා මේ Crypto Trading ගැන කිසිම අවබෝදයක් නැතුව මේ  Royal Q Platform එකට join වෙන්න එපා.

මොකද මේ වෙද්දි විවිද Youtube Channel හරහා Crypto trading පිලිබදව දැනුමක් නැති අය මේ Royal Q Platform එක Promote කරනවා ඔයාලගෙන් එන Referrel Bonus එක ලබාගැනීම පමනක් ඉලක්ක කරලා.. 

මේ Royal Q Platform එක සම්බන්දව මූලික අදහස මේ ලිපියෙන් ලබා දුන්නත් මේත් සමග වැඩ කරද්දී ඔයාට එන ප්‍රශ්න වලට විසදුම් ලබා ගන්න නම් මේ Platform එක සහ Cryptocurrencies පිලිබද හොද දැනුමක් තියන Mentor කෙනෙක් යටතේ මේ Platform එකට register වෙන්න..

මේ නිසා මේකට සම්බන්ද වෙන්න පෙර ඔයා සම්බන්ද වෙන්නේ කවුරු හරහාද කියන එක අනිවාර්‍යයෙන්ම හොයලා බලන්න..ඔහුගේ දැනුම පිලිබද සොයා බලන්න..එහෙම නැතුව “රැල්ලට” මේ සමග සම්බන්ද වෙලා ඔබගේ මුදල් අපතේ නොයවන්න. 

පළමුවන කොටස

Cryptocurrency එකක් කියලා හදුන්වන්නේ Blockchain Technology එක පාවිච්චි කරලා නිර්මානය කරලා තියන Digital Assets විශේෂයක්. ඔබගේ පසුම්බියේ තියන මුදල් නෝට්ටූවට වගේම මේ Cryptocurrencies වලටත් වටිනාකමක් තියනවා. ඒ කොහොම උනත් Cryptocurrencies කියන්නේ තනිකරම Digital Asset එකක් නිසා සාමාන්‍ය මුදල් නෝට්ටුවක් වගේ Physical දෙයක් විදිහට දැකගන්න හැකියාවක් ලැබෙන්නේ නෑ.

ලෝකෙ පළමුවෙනි Cryptocurrency එක වු Bitcoin මුලින්ම හදුන්වලා දෙන්නේ 2009 වසරෙදි සතොශි නකමොටෝ කියන අනුවර්ථ නාමයෙන් පෙනී සිටින පුද්ගලයා හෝ කණ්ඩායම විසින්. මේ වෙනතුරුම කවුරුත් මේ පුද්ගලයා හෝ කණ්ඩායම කවුරුන්ද කියලා හරියටම දන්නේ නෑ.

Cryptocurrency නිර්මානය කිරීමේ ක්‍රියාවලිය Crypto Mining කියලා හදුන්වනවා. මේ Mining ක්‍රියාවලිය සරලවම කියනවානම්, ඔබගේ ලග තියන පරිගනකය ණයට ලබාදෙනවා අනෙකුත් පිරිස් සිදුකරන Crypto Transactions වල නිරවද්‍යතාවය පරික්ශා කිරීම සදහා. මෙකෙදි ඇත්ත වශයෙන්ම වෙන්නේ විසදීමට ඉතාමත් අමාරු ගනිත ගැටලුවක් විසදීම මගින්, යම්කිසි කාලසීමවක් තුල සිදුවුන Cryptocurrency Transactions පිලිබදව දත්ත නිරවද්‍ය බවට සහතික කිරීමක්. 

මේ විදිහට සාර්ථකව ගැටලුව විසදන පරිගනකයට ගාස්තුව විදිහට යම්කිසි ප්‍රමානයක Cryptocurrency ප්‍රමානයක් ලබාදෙනවා. ඒත් එක්කම මේ විදිහට Cryptocurrencies mine කරන පරිගනක ප්‍රමානය වැඩි වෙන්න වෙන්නම මේ පරිගනක වලට විසදන්න තියන ගනිත ගැටලුවේ සංකීර්න බවත් වැඩි වෙනවා.. මේ වෙද්දි ගොඩක් Cryptocurrencies Mine කරද්දී අපේ සාමන්‍ය පරිගනකයකින් විසදන්න නොහැකි මට්ටමට මේ ගැටලු සන්කීර්න වෙලා තියන නිසා අපිට සාමාන්‍ය පරිගනකයකින් මේ වැඩේ කරන්න අමාරු වෙනවා..

ඒ නිසා අපිට පුලුවන් තව අපි වගේම Cryptocurrencies Mine කරන පිරිසක් එක්ක එකතු වෙලා, අපි හැමදෙනාගෙම පරිගනක වල Processing Power එක එකතු කරලා මේ ගැටලු විසදන්න..ඊට පස්සේ Reward එක විදිහට ලැබෙන Cryptocurrencies, අදාල Mining Process එකට දායක වුනු සියලු දෙනා අතරේ ඔවුන් ලබා දුන්න දායකත්වයට සාපේක්ශව බෙදිලා යනවා. 

මේ විදිහේ සංවිදානයකට Mining Pool එකක් කියලා කියනවා. ඔබගේ පරිගනකයේ කුඩා Software එකක් Install කරලා අදාල Processing Power එක Mining Pool එකට ලබාදීමේ ඉදලම, ඒ වෙනුවෙන්ම නිර්මානය කරපු High End GPU සහිත පරිගනක භාවිතා කිරීම සහ,  Crypto Mining වලටම ඒ වෙනුවෙන්ම සැකසූ Miners භාවිතා කරලා Mining Pool එකකට සම්බන්ද වෙලා දායකත්වය ලබා දීලා අදාල Rewards ලබාගැනීමේ හැකියාව තියනවා

නමුත් ඔබ සාමාන්‍ය පරිගනකයක් භාවිතා කරලා Mining Pool එකකට සම්බන්ද උනත්, සාමාන්‍ය පරිගනකයක Processing Power එක සාපේක්ශව ඉතාමත් අඩු බැවින් ලාභ ලබාගැනීම ඉතාමත් අපහසුයි. ඒ නිසා Crypto Mining මගින් සැලකිය යුතු අදායමක් ලබා ගන්න නම් ඒ වෙනුවෙන් විශේෂයෙන් සැකසූ පරිගනක පද්ධතියක් පාවිච්චි කිරිම තමයි වඩාත්ම හොද වෙන්නේ.

මේ සදහන් කරපු විස්තරයත් එක්ක ඔයාලට Crypto Currencies පිලිබදව මූලිකම අවබෝදයක් ලැබෙන්න ඇති කියලා අපේක්ෂා කරනවා. මේ විස්තරයත් එක්ක ඔබට තේරෙනවා ඇති හැමදෙනෙක්ට්ම මේ කියන Crypto Mining Process එකට දායක වෙන්න හැකියාවක් නෑ. එහෙනම් අපිට අවශ්‍ය වෙලාවට මේ Cryptocurrencies ලබා ගන්න නම් තවත් කෙනෙක්ගෙන් මිලදී ගත යුතු වෙනවා.  ඊලගට අපි බලමු මේ විදිහට Cryptocurrencies මිලදී ගන්න පුලුවන් කොහෙන්ද කියලා..

Cryptocurrencies විකිනීමට සහ මිලදී ගැනීමට වෙන්වුන Marketplaces, Crypto Exchanges කියලා හදුන්වනවා..මේ Crypto Exchanges හරහා ඔබ ලග තියන සාමාන්‍ය මුදල් ලබා දීලා ඒ වෙනුවට Cryptocurrencies ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ල‌ංකාව ඉන්දියාව වගෙ ආසියාතික රටවල වැඩියෙන්ම භාවිතා වන Crypto Exchange එක විදිහට අපිට Binance Exchange එක හදුන්වන්න පුලුවන්. මීට අමතරව, 

Register with Binance 

  1.  FTX 
  2. Coinbase
  3. Huobi
  4. Kraken
  5. FTX
  6. KuCoin

වගේ තවත් ජනප්‍රිය  Crypto Exchanges දකින්න පුලුවන්. මේ ලිපියෙ අපි අවදානය යොමු කරන්නේ Binance Exchange එක වෙතට. ඒකට හේතුව වෙන්නේ අපි කතාකරන්න යන Royal Q Trading Bot වැඩසටහන ක්‍රියාත්මක කරන්න පුලුවන් වෙන්නේ Binance හෝ Huobi කියන Exchange දෙකෙන් එකක වීම. මේ දෙකෙන් වැඩි දෙනෙක් භාවිතා කරන්නේ Binance Exchange එක නිසා අපි ඒ ගැන අවදානය යොමු කරමු.

මීලගට අපි බලමු Crypto Trading කියන්නේ මොකක්ද කියලා. සරලම උදාහරනයක් ලෙස මේ මොහොතේ Bitcoin එකක වටිනාකම $45000 ලෙස උපකල්පනය කරමු. මේ මිලට අපි 0.001BTC ප්‍රමානයක් මිලට ගන්නවා කියලා උපකල්පනය කරමු. 

ඒ සදහා අපිට වැයවෙනවා $45 මුදලක්. මේ විදිහට ගත්ත Bitcoin ප්‍රමානය අපේ ලග තියාගෙන ඉදලා Bitcoin එකක වටිනාකම $50000 ට වැඩි වුනු වෙලාවට අපි ලග තිබෙන 0.001BTC ප්‍රමානය $50 කට විකුනලා දාන්න පුලුවන්. එතකොට $5 මුදලක් ලාබ ලබන්න අපිට පුලුවන්. මෙන්න මේ ක්‍රියාදාමයට සරලවම අපි කියනවා Crypto Trading කියලා..මිල අඩු අවස්තාවකදී මිලදී ගැනීමත්, මිල වැඩි අවස්තාවකදී අලෙවි කිරීමත්.

දැන් ඔබ අනිවාර්‍යෙන්ම සිතනවා ඇති මේ විදිහට මිල ඉහල පහල යන්න විශාල කාලයක් ගතවෙනවද කියලා. ඇත්තෙන්ම නෑ. Cryptocurrencies ඉතාමත් Volatile currency විශේෂයක් කියල හදුන්වනවා..ඒකට හේතුව තමා ඉතමත් ඉක්මනින් මේවගේ අගය ඉහල පහල යන්න තියන හැකියාව. 

මේ ඉහල පහල යාම එක් අතකින් Trade කිරීම සදහා ඉතා වාසිදායක වෙනවා..අනිත් අතින් නොහිතපු වෙලාවක මිල පහල යාමෙන් පාඩු විද දරාගන්නත් සිදුවෙනවා.. ඔබ Crypto Trading වලට සම්බන්ද වෙනවනම් මේ සදහන් කල පාඩු විද දරාගැනීමට සහ ඒවායෙන් ගැලවීමට දැනුම සහ ඉවසීම අත්‍යාවශ්‍යය වෙනවා. ඒත් එක්කම මතක තියාගන්න මේ Trading හැම විටම සිදු කරන්නේ Cryptocurrency යුගලයක් පාවිච්චි කරලා.  උදාහරනයක් විදිහට BTC සහ USDT යුගලය දක්වන්න පුලුවන්. USDT කියන්නේ Stable Coin එකක් කියලා අපි හදුන්වනවා. ඒ කියන්නේ USDT Cryptocurrency එකේ අගය සැමවිට්ම US Dollar එකට ඉතාමත් ආසන්න අගයක පවතින එක.ඉතින් යුගලයේ එකක් Stable වෙන එකෙන් අපිට අනෙක් Cryptocurrency එක Stable Cryptocurrency එකට සාපේක්ශව ඉහල පහල යන විදිහ ගැන හොද වැටහීමක් ලබාගන්න පුලුවන්.

අපි මේ ලිපියෙදි කතාකරන්නේ Binance Exchange එක හරහා සිදුකල හැකි Spot Trading නම් crypto trading අකාරය පිලිබදව..මේකෙදි සිද්ද වෙන්නේ, කලින් සදහන් කරපු ආකාරයට ඉතාමත් සරලවම යම්කිසි මිලකදී අපි Cryptocurrencies මිලදී ගැනීම සහ මිල වෙනසකට පසු අලෙවි කිරීම. බැරි වෙලාවත් මිලදී ගත්ත Cryptocurrency එක මිල පහල වැටුනත්, ඔබ මිලදීගත්ත Cryptocurrency ප්‍රමානයේ කිසිම වෙනස් වීමක් වෙන්නේ නෑ.. ඒ නිසා අයෙත් යම්කිසි වෙලාවක ලාභයක් ගත හැකි ප්‍රමානයට මිල ඉහල යන තුරු ඉදලා විකුනා දාන්න පුලුවන්. මේ විදිහට මිල පහල යාම Floating Loss කියලා හදුන්වනවා..

දැන් ඔබ කල්පනා කරනවා ඇති බැරි වෙලාවත් පහලට ගිහින් අයෙත් ඉහලට ආවේ නැත්තන් කියලා. මේ ගැටලුවෙන් බේරිම්ට තමා ඔබට යම්කිසි ප්‍රමානයක් Cryptocurrency පිළිබදව සහ Cryptocurrency Market එක පිලිබදව දැනුමක් අත්‍යාවශ්‍ය වෙන්නේ..  ඔබ Trade කිරීම සදහා මොකක් හරි Cryptocurrency එකක් තෝරාගැනීමට ප්‍රථම එම Cryptocurrency එකේ මිල ඉහලයමින් පවතිනවද (Uptrend) එහෙමත් නැත්තන් පහල යමින් පවතිනවද (Downtrend), කියලා හොයලා බලල අධ්‍යයනය කරන්න ඕනේ..ඒ සදහා Cryptocurrency එකේ මිලෙහි වෙනස්වීම පෙන්වන candlestick, bar, line charts වගේ දේවල් භාවිතා කරනවා. 

මේ විදිහට අධ්‍යයනය කිරීම Technical Analysis කියලා කියනවා.. මේ විදිහේ නිවැරදි Technical Analysis එකකට පස්සේ අපිට Uptrend තිබෙන, එහෙමත් නැත්තන් වටිනාකම වැඩිවෙමින් තිබෙන Cryptocurrency එකක් තෝරාගැනීමේ හැකියාව ලැබෙනවා. මේ විදිහට නිරවැරදි Cryptocurrency එකක් තෝරාගත්තට පස්සේ කලින් සදහන් කල Floating Loss එකක් ඇති වුවුද  ඉක්මනින් එය මගහැරී යාමේ සම්භාවිතාව වැඩී. ඒ කොහොම උනත් ඔබ මතක තබා ගත යුතු දෙය නම්, Technical Analysis නිවැරදි නොවීම හෝ වෙනත සාධක මත දීර්ඝ කාලයක Floating Loss එකකට යටත් වීමේ අවදානම ඇති අතර, නමුත් ඔබට හොද Crypto දැනුමක් ඇත්නම් එවැනි අවස්තා ලෙහෙසියෙන් මගහරවා ගත හැ.

මීට අමතරව Future Trading වැනි Leverage Trading ක්‍රම පැවතියත් ඒවාත් එක්ක බැදිලා තියන අවදානම ඉතාමත් වැඩි.Leverage Trading ක්‍රම වලදී අපගේ අතේ ඇති  මුදලට අමතරව යම්කිසි මුදල් ප්‍රමානයක් නයක් විදිහට අරගෙන ඒක පාවිච්චි කරලා Trade කිරීම සිදු කරනවා. Binance Exchange එකේදී 1x ඉදලා 125x දක්වා ණය ලබාගන්න පුලුවන්. උදාහරනයක් විදිහට ඔයා ලග 10 USDT ප්‍රමානයක් තියනවනම්,

10x     -> 10 * 10 = 100 USDT

20x     -> 20 * 10 = 200 USDT  

50x     -> 50 * 10 = 500 USDT 

 125x  -> 125 * 10 = 1250 USDT  

  සරලවම කිව්වොත් 10x leverage එකක් පාවිච්චි කරනවා කියන්නේ තමන් Trade එකට දාන ගාන වගේ 10 ගුනයක ප්‍රමානයක් Trade එක සදහා යොදවනවා. 10USDT ප්‍රමානයක් 10x leverage එකක් එක්ක trade කරනවා කියන්නේ 100USDT ප්‍රමානයක් සමග Trade කරනවා කියන එක..

නමුත් මේකේ තියන  අවදානම තමයි දිගින් දිගටම ඔයා Trade එක Loss උනොත් ඔයාට ලබා දුන්න ණය මුදලට වෙන හානිය පිරිමහගන්න ඔයා Trade එකට දාපු මුදලින් කොටසක් හෝ මුලු මුදලම අයකරගන්නවා. මේ විදිහට මුලු මුදලම අහිමි වෙලා යන එකට Liquidate වෙනවා කියලා හදුන්වනවා.

මේ හේතුව නිසා Spot Trading වලට වඩා මේ Leverage Trading Methods එක්ක බැදිලා තියන Risk එක වැඩී. ඒ කොහොම උනත් අඩු Leverage එකක් එක්ක Trade කරන එක අඩු risk එකක් සහ වැඩි ලාභයක් ගන්න තියන හොදම විදිහක් කියලා තමයි ගොඩ දෙනෙක් පිලිගන්නේ.

මේ විදිහේ Trading වලදී ගොඩ දෙනෙක්ට තියන ප්‍රශ්න තමා නිවැරදිව Trade එකට Entry එකක් ගන්නේ කොහොමද, වැඩිම profit එකක් අරගෙන නිවැරදිම වෙලාවේ exit වෙන්නේ කොහොමද, සහ තමන්ගේ තියන අනෙකුත් වැඩත් එක්ක මේ සියලු දේ Manage කරන්නේ කොහොමද වගේ දේවල්.

මේ දේවල් වලට Solution එකක් විදිහට අපි මේ කතා කරන්න යන Royal Q Robot, එහෙමත් නැත්තන් Royal Q Intelligent Platform එක හදුන්වලා දෙන්න පුලුවන්. ඒ කොහොම නමුත් මේ Platform එක නිවැරදිව භාවිතා නොකරොත්, ඔයා බලාපොරොර්ත්තු වෙන ප්‍රතිලාභය මේකෙන් නොලැබෙන්න පුලුවන්. මෙන්න මේ හේතුව නිසා, මේ ලිපියේ ඊලග කොටසින් අපි කතා කරමු Royal Q Robot භාවිතා කරල ආකාරය සහ, ඔබට ඇතිවෙන්න පුලුවන් අවදානම්, වාසි, අවාසි, කලයුතු දේ, නොකල යුතු දේ, ආදී මේ හැමදේම.

ඒත් එක්කම Royal Q Platform එකට සම්බන්ද වෙන්න මේ පහල දීලා තිය්න link එක පාවිච්චි කරන්න පුලුවන්.

Royal Q Platform එකට සම්බන්දවන්න

 Royal Q Platform එක සම්බන්ද හෝ කුමක් හරි අදාල දෙයක් සම්බන්දව ගැටලුවක් තියනවනම් මේ පහල තියන Whatsapp Group එකට සම්බන්ද වෙලා අවශ්‍ය ඕනම උපකාරයක් ලබාගන්න පුලුවන්.

Whatsapp Group

 

දෙවන කොටස

මේ කොටසෙදි අපි කතා කරන්න යන්නේ Royal Q Intelligent Platform එක සහ එය භාවිතා කරන විදිහ. නමුත් මුලින්ම අපි බලමු මේ Platform එක පාවිච්චි කරන්න නම් ඔයාට අවශ්‍ය කරන දේවල් සහ, එයින් ඇතිවිය හැකි වාසි අවාසි ගැන. 

මේ කොටස නිවැරදිව අවබෝද කරගෙන මේ Royal Q Platform එක ඔබට ගැලපෙනවද කියලා ස්වයං නිගමනයකට එලඹුනාට පස්සේ මේ සමග එකතු වෙන්න වග බලාගන්න.එහෙම නැත්තන් රැල්ලට මේ සමග සම්බන්ද වීම ඔබට කිසිම වාසියක් ගෙන නොදෙන්න පුලුවන්.

මුලින්ම, මොකක්ද මේ Royal Q Robot කියලා කියන්නේ?

අපි මුලින් පලමුවෙනි කොටසෙදි කතා කරා Spot Trading ගැන. එතනදි ඔයාට වැටහෙන්න ඇති Trade එකක් හරහා අපි හොද ලාභයක් ගන්න නම් අපි Technical Analysis එකක් හරහා නිවැරදි Cryptocurrency යුගලයක් තෝරාගන්න ඕනේ වගේම Trade එකට Entry, Exit වෙන Strategies වගේ දේවල් හරියට කරන්න ඕනේ. ඒ වගේම වැදගත්ම දේ තමයි අපිට ඕන වෙලාවට Trade කරලා Profit එකක් ගන්න එක අමාරුයි. Cryptocurrency market එකේ Trade එකක් දාන්න සුදුසු වෙලාව එනකන් ඉදලා Trade එකක් start කරන එක තමයි නිවැරදි විදිහ.ඒ වගේම Cryopto Market එක Highly Volatile නිසා අපිට නිතරම මේක ගැන විමසිල්ලෙන් ඉන්න වෙනවා එහෙම නැත්තන්  Trade එකකට Enter වෙන්න තිබ්බ හොද අවස්තාවක් මගහැරෙන්නත්, Trade එකකින් Exit වෙන්න තිබෙන අවස්තාවක් මගහැරිලා පාඩු ලබන්න සිද්ද වෙන්නත් පුලුවන්.

මෙන්න මේ සම්පූර්න Process එක Automate කරන්න නිර්මානය කරපු Solution එකක් විදිහට Royal Q Intelligent Platform, එහෙමත් නැත්තන් Royal Q Intelligent Robot හදුන්වලා දෙන්න පුලුවන්.

Royal Q Robot නීත්‍යානුකූලද?

අපි දන්නවා අපි සමහර වෙබ් අඩවි වලදී විවිද කටයුතු සදහා Bots වර්ග පාවිච්චි කරනවා..උදාහරනයක් විදිහට කෙනෙක්ට පුලුවන් Facebook, LinkedIn වගේ Social media වල තියන User Data එකතු කරන්න Bot කෙනෙක් පාවිච්චි කරන්න..හැබැයි මේ වගේ Bots පාවිච්චි කරන එක Facebook, LinkedIn වගේ websites වල සම්පූර්නයෙන් තහනම්. සමහරවිට අහු උනොත් ඔබගේ Account එක Suspend වීමට උනත් පුලුවන්.

නමුත් Binance තුල Trading Bots භාවිතා කිරීම සම්පුර්නයෙන්ම නීත්‍යානුකූලයි. ඒවගේම අවශ්‍ය කෙනෙක්ට මේ විදිහේ Trading Bot වැඩසටහනක් තමන්ගේ Binance Account එකත් ඒ සම්බන්ද කරලා තියන්න අවශ්‍යය කරන API, Binance මගින් නොමිලේම භාවිතයට ලබා දෙනවා. ඒ වගේම ආරක්ශිතව මෙවනි වැඩසටහන් සම්බන්ද කරන්න ඕනේ කරන Security Features ටිකත් Binance මගි ලබාදෙනවා. Royal Q Intelligent Robot, මෙන්න මේ Binance API එක භාවිතා කරලා තමා අපේ Trading Process එක Automate කරලා දෙන්නේ. මේ නිසා Royal Q Intelligent Robot සම්පූර්නයෙන්ම නීත්‍යානුකූලයි කියලා තහවුරු කරන්න පුලුවන්.

Royal Q Robot පාවිච්චි කරන්න අවශ්‍ය වන දේවල් මොනවද?

  1. Royal Q Account එකක් ( නිර්මානය කිරීමට මෙම Link එක භාවිතා කරන්න )
  2. Royal Q යෙදුම භාවිතා කිරීමට Android හෝ IOS Device එකක්.
  3. Binance හෝ Huobi Exchange එකේ Account එකක්. (Binance භාවිතා කරනවා නම් අවම වශයෙන් Intermediate Verification එක දක්වා Profile එක verify කර තිබිය යුතු වේ)
  4. අවම වශයෙන් 221 USDT ප්‍රාග්ධනයක් (Capital)

මීට අමතරව Crypto Market එක පිලිබදව සහ Trading පිලිබදව දැනුම තිබීම ඉතා වැදගත් වන නමුත් මම ඒ කරුන ඉහත කරුනු වල සදහන් නොකරේ, එවැනි දැනුමක් නොමැති අයෙකුට උනත් Royal Q Intelligent Robot ගේ ලබාදීලා තියන Copy Trade වගේ features භාවිතා කරලා ලාභයක් උපයන්න පුලුවන්. ඒ නමුත් Copy Trade කිරීම අනුමත කරන්න බැරි ඇයි කියන එක ගැන අපි මේ ලිපියෙම පසුවට කතා කරමු. ඒත් එක්කම ඔබට Trading ගැන සහ Technical Analysis ගැන අවබෝදයක් දැනුමක් තියන එක, වඩා වැඩි ලාබයක් ගන්නත්, පාඩු සිදුවීම අවම කර ගැනීමටත් උපකාරී වෙනවා.

 Royal Q Robot භාවිතා කිරීමේදී අපේ මුදල් වලට ලැබෙන ආරක්ශාව

මම කලින් මේ ලිපියෙදි සදහන් කරා වගේ Royal Q Intelligent Robot,Trade කරන්න භාවිතා කරන්නේ Binance API එක..මේ නිසා අපේ Trading සදහා යොදවන Capital එක, එහෙමත් නැත්තන් Trade කරන්න යොදවන මුදල තියන්න ඔනේ USDT විදිහට Binance Account එක ඇතුලේ. අපි කලින් කතා කරා වගේ Binance කියන්නේ දැනට ලෝකේ තියන Crypto Exchanges වලින් Safe, Security එක අතින් ගොඩක් උඩින් ඉන්න exchange එකක්. ඉතින් ඒ නිසා අපේ Capital එකේ ආරක්ශාව ගැන ලොකු විස්වාසයක් තියන්න පුලුවන්.

ඒත් එක්කම, Royal Q Intelligent Robot Platoform එකට අපි අපේ Binance Account එකේ API access ලබාදුන්නට අපි Access ලබා දෙන්නේ Spot Trading සදහා විතරයි. කිසිම විදිහකට Botට හැකියාවක් නෑ Binance Wallet එකේ තියන Cryptocurrencies, withdraw කරන්න හෝ, Future Trading වගේ දේකට යොදවලා Liquidate කරලා දාන්න.

සරලවම කියනවනම් Bot ට අපි ඉඩ දෙන්නේ අපේ Binance Spot Wallet  එකේ තියන Cryptocurrencies පාවිච්චි කරලා Trade කරන්න විතරයි. එතකොට ඔයාලා හිතනවා ඇති Bot ට අපේ  Cryptocurrencies ගන්න බැරිනම් කොහොමද අපි Botගේ ගාස්තුව ගෙවන්නේ කියලා..ඒක ගැන අපි ඊලග මාතෘකාවෙන් බලමු.

ඊලග කාරනය, බැරි වෙලාවත් Royal Q Platform එක Hack උනොත් මොකද වෙන්නේ..අපේ API keys leak වෙන්න පුලුවන් නේද. Royal Q විතරක් නෙමේ ඕනම web based system එකක්  ගත්තොත් Hack වෙන්න ඉඩ තියනවා. Royal Q කියන්නේ ඉතාමත් ආරක්ශිතව maintain කරගෙන යන platform එකක්.. ඒ උනත් Zero day attacks කියලා අපි හදුන්වන මීට කලින් හදුනා නොගත්ත කුමක් හෝ දුර්වලතාවක් මත Security Breach එකක් වීමේ හැකියාව තියනවා. එහෙම වෙලා ඔබගේ API keys Leak උනොත්, ඒකටත් Solution එකක් Binance වලින්ම දීලා තියනවා..

ඒ තමා අපිට අවස්තාව දීලා තියනවා API Keys පාවිච්චි කරලා Trade කරන්න පුලුවන් IP List එකක්  Binance වෙත ලබාදෙන්න..මේ Configurations ගැන අපි මේ ලිපියේ පසුව විස්තරාත්මකව කතා කරමු. මෙන්න මේ IP address List එක විදිහට, අපි Royal Q Platform එකෙන් ලබාදෙන එයාලගේ Servers List එකේ IP Addresses ටික සදහන් කරාම වෙන කවුරුන් හරි අතට අපේ API Keys leak උනත් එයාලට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් යම් කිසි කෙනෙක් අපේ API keys වලට අමතරව අර සදහන් කරපු Royal Q Server එකකුත් Hack කරලා ඒක හරහා මොකක් හරි අවුලක් කරන්න පුලුවන්නේ කියලා..ඔවු එහෙම අවදානමක් තිබෙන නමුත්, API Keys සහ Server යන දෙකම Hack වෙන්න තියන සම්භාවිතාව ඉතාමත් අඩුයි. එමෙන්ම එසේ උනත් Withdraw කරන්න හැකියාවක් නැති නිසා තිබෙන අවදානම තවත් අඩු වෙනවා..

Royal Q Robot භාවිතා කිරීමේදී ගෙවිය යුතු ගාස්තු

ඔබ අන්තර්ජාලය තුල Search කරොත් Trading Bots විශාල ප්‍රමානයක් හොයගන්න පුලුවන්. ඒවායේ මිලගනන් මාසයට 100$ සිට $1000 දක්වා අයකරන Bot Platforms හොයාගන්න පුලුවන්. නමුත් එම Platforms වලින් ලබාගත හැකි Profit එක සහ ඒත් එක්ක බැදිලා තියන Risk එක Analysis කරාම මෙ අතරින් හොදම සේවයක් ලබාදෙන Platform එක විදිහට Royal Q Platform එක හදුන්වන්න පුලුවන්.

මේකට ප්‍රධානම හේතු දෙකක් තියනවා. 

  • පලවෙනිම හේතුව තමයි සාපේක්ශව අඩු ගාස්තුවක් අය කිරීම
  • ඊලග හේතුව තමා මේකේ පාවිච්චි කරලා තියන Artificial Intelligence Based Advanced Algorithms වලින් අනිත් Bots ලට වඩා බොහෝ නිවරදි තීරන ගන්න නිසා අවදානම අවම වෙලා තියනවා.

 Royal Q Platform එකට අය කරන අනිවාර් ගාස්තු දෙකක් තියනවා. 

  1. Annual Fee – Bot සදහා වාර්ශිකව 100USDT මුදලක් ගෙවිය යුතු වෙනවා.
  2. Fuel Fee – අපි සාර්ථකව නිමකරලා ලාබයක් උපයන හැම Trade එකකින්ම 20% ක් Fuel Fee එක විදිහට Royal Q Platform එකට ලබා දිය යුතු වෙනවා.
  3. Strategy Fee (Optional) – මම අර කලින් සදහන් කලා ඔබට අවශ්‍ය නම් Copy Trade නම් option එකක් භාවිතා කල හැකි බව. මේ පිලිබදව අපි ලිපියේ පහලින් වැඩි විස්තර කතා කරමු. මේ Option එක භාවිතා කරනවානම් පමනක් සෑම සාර්ථක Trade එකකින්ම 1%ක් හෝ 2% ක් වැනි මුදලක් Copy Trade සදහා භාවිතා කරන Cicle Owner හට ගෙවිය යුතු වෙනවා.

මෙකෙදී මතක තියාගන්න ඕන කාරනය තමයි, මේ සදහන් කරපු Fees ටික ගෙවන්න ඕන කරන USDT ටික විතරක්  අපි Binance එකේ ඉදලා Royal Q App එකේ අපේ Wallet එකට Transfer කරගන්න ඕනේ. මොකද මන් කලින් කිව්ව වගේ Bot එකට බෑ binance එකේ තියන අපේ USDT withdraw කරන්න.

ඒ නිසා අපි මුලින්ම Bot ක්‍රියාත්මක කරද්දී 121USDT ප්‍රමානයක්, Binance wallet එකේ ඉදලා Royal Q Wallet එකට transfer කරන්න ඕනේ..මේ පිලිබදව විස්තරාත්මකව මේ ලිපියේ පසුවට කතා කරමු.

ඒ විදිහට Transfer කරන 121 USDT වලින් 1USDT කැපෙනවා Binance එකේ Transfer fee එක විදිහට. 120 USDT අපේ Royal Q Wallet එකට එනවා. ආවට පස්සේ අපි එතනින් 100 USDT දීලා Royal Q Bot Activate කරනවා.මතක තියාගන්න මේ විදිහට අපි Anual Fee එක දීලා Activate කරාට පස්සේ අපිට අයේ ඒ ගාන Refund ගන්න බෑ.

එතකොට තව 20USDT ඉතුරු වෙනවා අපේ Royal Q Wallet එකේ. මේ තියන ගාන තමයි අපි Successfull trade එකක් කරාට පස්සේ Bot ට් අදාල Fuel Fee 20% සහ Optional Strategy Fee එක කැපෙන්න පාවිච්චි වෙන්නේ.

ඉතින් ඔයාගේ Trades වල ලාභය එකතු වෙන්නේ Binance එකේ නිසා, ටික දව්සක් Trade කරද්දි මේ 20USDT ඉවර වෙන්න ලන් වෙයි. 10USDT වලින් පහලට අඩු වෙද්දී ඔයාට Notification එකක් එයි. ඒ වගේම 2USDT වලට අඩු උනාම bot වැඩකරන එක නතර වෙනවා..එතකොට ඔයාට කැමති ප්‍රමානයක් USDT ආපහු binance එකේ ඉදලා හෝ තවත් ඔයාගෙ යාලුවෙක්ගේ Royal Q Wallet එකකින් හෝ transfer කරවගන්න.

Royal Q Robot භාවිතා කර මුදල් උපයන ආකාරය

Royal Q Platform එක භාවිතා කරලා මුදල් ඉපයිය හැකි අකාර දෙකක් තියනවා.

  1. Royal Q Platform එකේ මූලිකම අරමුන වෙන්නේ Trading Bot කෙනෙක් විදිහට ආදායම ඉපයීම. අපි මේ ලිපියේ මුල සිටම මේ වෙනකන්ම කතා කරෙත් ඒ පිලිබදව. මේ Bot භාවිතා කරලා ඔබට සාමාන්‍යයෙන් දිනකට 2%ක පමන ශුද්ධ ලාභයක් ( Bot Fees වලට කපා හැරියට පස්සේ) උපයා ගැනීම ලේසියි. ඊට අමතරව ඔබට හොද Technical Analysis හැකියාවක් තියනවානම් ඊට වඩා ලොකු ලාභයකට හිමිකම් කියන්න පුලුවන්. 
  2. Royal Q Platform එකේ Marketing කටයුතු සදහා Network Marketing Strategy එක භාවිතා කරනවා. මේක දැක්ක ගමන් සමහරවිට ඔබට හිතෙන්න පුලුවන් මේකත් තවත් එක Pyramid Schema Scam එකක්ද කියලා..ඒක එහෙම නොවෙන්න හේතු අපි ඊලග කොටසින් සාකච්චා කරමු. මේ Network Marketing භාවිතා කරලත් ඔබට අමතර මුදලක් හොයන්න හැකියාව තියනවා.

Royal Q Robot තවත් එක Pyramid Scheme වංචාවක්ද?

ඇත්ත Network Marketing සහ අපි නිතරම කතාවෙන Pyramid Scams වෙන් වෙන්නේ එක කාරනයක් පදනම් කරගෙන.

Pyramid Scam එකකදී ඔබ ඒ Network  එකට සම්බන්ද උනාට පස්සේ ඔබට ආදායමක් ලබන්න නම් ඔබ අනිවාර්‍යෙන්ම තව පිරිස ඔබේ යටින් සම්බන්ද කරන්න ඕනේ..ඒ පිරිසත් අදායම ලබන්න නම් තව පිරිස සම්බන්ද කරන්න ඕනේ..යම්කිසි දවසක පිරිස සම්බන්ද වීම නැවතුන ගමන් මුලු Network එකටම අදායම් ලැබීම නතර වෙනවා..මේ ක්‍රමය තනිකරම වන්චාවක්.

 Royal Q Platform එකේදි ඔබගේ ප්‍රධාන අදායම් මාර්ගය වෙන්නේ Crypto Trading වලින් ලැබෙන මුදල. ඔබට Network Marketing කොටසට සම්බන්ද වීමට අකමැති නම් Crypto Trading සදහා පමනක් සම්බන්ද වී ලාභය ඉපයිය හැකියි. ඔබට අමතර අදායමක් ඉපයීමට අවශ්‍ය නම් Network Marketing තුලින් ඒ අවස්තාව ලබා දෙනවා. 

මේකෙදී තියන වෙනස තමයි අපි කරන Successfull Trade එකකින් අනිවාර්‍යෙන් ලබාගන්න 20% fee එක කොටස් දෙකකට බෙදනු ලබනවා..ඒ 20%ක් Developer Fee සහ 70% ක් Network Fee විදිහට බෙදෙනවා..මේ 70% කොටස Network එකේ ඉහල සිටින සාමාජිකයන් අතර බෙදීයනවා..මේ නිසා Pyramid Scheme Scam එකක වගේ මේ Network එකට කට්ටිය සම්බන්ද වෙන එක නතර උනොත් Network එක බිද වැටෙන්නේ නෑ..මොකද network එකේ ඉන්න අය Trade කරාම  එන profit එකෙන් Network එක Maintatin වෙනවා.

ඔබ මේ විදිහට Network Marketing සිදුකිරිමට අදහස් කරනවනම්, ඔබට ලාභ ලැබෙන්නේ පහත ආකාරයට.

ඔබ Royal Q Platform හි සාමාජිකත්වය ලබාගෙන අදාල මුදල ගෙවා Trading Bot සක්‍රීය කල පසු ඔබව V1 මට්ටමේ සාමාජිකයෙක් බවට පත්වේ. 

V1 – V1 මට්ටමේ සාමාජිකයන්ට, තමන්ගේ Refferel Link එකෙන් තවත් කෙනෙක් Directly Register වී, ඔහු V1 තත්වයට පත්වීමේදී එම පුද්ගලයා ගෙවන 100USDT ප්‍රමානයෙන් 30USDT ප්‍රමානයක් හිමිවේ. තවද තමන්ගේ Refferel Link එකෙන් තවත් කෙනෙක් Directly Register  වී ඔහු සාර්තකව කරන සෑම Trade එකකින්ම 20% fee එකෙන් 20% ක කොටසක්, එනම් මුලු profit එකෙන් 4%ක කොටසක් ඔබ හිමිවේ.

V2 – ඔබ යටතේ Directly තවත් V1 සාමාජිකයන් 3ක් සහ ඔබගේ සාමාජිකයන්ගේ සාමාජිකයන් ඇතුලුව මුලු සාමාජිකයන් ගනන 20ක් වූ විට ඔබව V2 තත්වයට පත්වන අතර එහිදී ඔබගේ Refferel Link එකෙන් තවත් කෙනෙක් Directly Register වී, ඔහු V1 තත්වයට පත්වීමේදී එම පුද්ගලයා ගෙවන 100 USDT ප්‍රමානයෙන් 40 USDT ප්‍රමානයක් ඔබට හිමිවේ. තවද තමන්ගේ Team එකෙහි පුද්ගලයන් සාර්තකව කරන සෑම Trade එකකින්ම 20% fee එකෙන් 30% ක කොටසක්, එනම් මුලු profit එකෙන් 6%ක කොටසක් ඔබට හිමිවේ.

V3 – ඔබ යටතේ Directly තවත් V2 සාමාජිකයන් 3ක් ඇතුලුව, සම්පූර්න Direct Referrels ගනන 8ක් සහ ඔබගේ සාමාජිකයන්ගේ සාමාජිකයන් ඇතුලුව මුලු Team Members ගනන 100ක් වූ විට ඔබව V3 තත්වයට පත්වන අතර එහිදී ඔබගේ Refferel Link එකෙන් තවත් කෙනෙක් Directly Register වී, ඔහු V1 තත්වයට පත්වීමේදී එම පුද්ගලයා ගෙවන 100 USDT ප්‍රමානයෙන් 50 USDT ප්‍රමානයක් ඔබට හිමිවේ. තවද තමන්ගේ Team එකෙහි පුද්ගලයන් සාර්තකව කරන සෑම Trade එකකින්ම 20% fee එකෙන් 40% ක කොටසක්, එනම් මුලු profit එකෙන් 8%ක කොටසක් ඔබට හිමිවේ.

මේ සියලු දේවල් සලකලා බැලුවට පස්සේ Pyramid Scam එකක තියන අනිවාර්‍ය ලක්ශන වෙන, සම්බන්ද වූ කෙනෙක්ට ආදායම් ලැබීමට ඇති එකම මාර්ගය තව පිරිස සම්බන්ද කිරීම වීම සහ යම්කිසි දවසක පිරිස සම්බන්ද වීම නැවතුන ගමන් මුලු Network එකටම අදායම් ලැබීම නතරවී සියල්ල බිද වැටීම කියන ලක්ශන Royal Q Platform එකේ නොමැති නිසා මෙය තවත් එක් Pyramid Scam එකක් නොවන බව ඉතා පැහැදිලියි.

Royal Q Robot හි ලියාපදිංචි වීම

මුලින්ම ඔබ Royal Q Platform එකෙහි ලියාපදින්චි විය යුතුය. ඒ සදහා මෙම Link එක භාවිතා කරන්න.  

Royal Q Platform එකට සම්බන්දවන්න

 (සැ.යු – මෙය Referral Link එකක් වන අතර මෙමගින් ඔබට කිසිම අමතර Fee එකක් Add නොවන අතර අපගේ Referral Link ඔස්සේ සම්බන්ද වන සාමාජිකයන්ට ඕනෑම අවස්තාවකදී ඇතිවන ගැටලුවටලට අපගේ සහය ලබා ගත හැ)

 මීලග පියවර ලෙස ඔබගේ Android හෝ IOS Smartphone එකේ Royal Q App එක Install කරගන්න ඕනේ..

 Royal Q Platform එක සම්බන්ද හෝ කුමක් හරි අදාල දෙයක් සම්බන්දව ගැටලුවක් තියනවනම් මේ පහල තියන Whatsapp Group එකට සම්බන්ද වෙලා අවශ්‍ය ඕනම උපකාරයක් ලබාගන්න පුලුවන්.

WhatsApp Group

Royal Q Wallet වෙත USDT Transfer කිරීම

 සාර්ථකව ලියාපදිංචි වූ පසු ඔබට ඉහත දක්වා ඇති අකාරයේ Screen එකක් දැකගන්න පුලුවන්. දැන් අපි මුලින්ම එහි දකුනුපස පහල කෙලවරේ තියන Mine කියන Tab එක open කරගත්තම ඔයාලට මේ වගේ දකින්න පුලුවන්.

රූපයේ පේනවා ඇති Assets කියන කොටසේ ඔයගේ Royal Q wallet එකේ Balance එක 0 විදිහට පෙන්නනවා. අපි මුලින්ම අවශ්‍යය කරන 121 USDT ප්‍රමානය Binance ඉදලා Royal Q Wallet එකට දාගෙන ඉමු. ඒ සදහා ඉහත රූපයේ පෙන්නලා තියන Assets Menu item එක touch කරන්න.

 

තවදුරටත් කියවන්න

Download Onlinejobs.lk Android App Click Here
Join WhatsappApp Channel Click Here
Join Telegram Channel Click Here
Jobs/CVs SMS Alerts
SMS Alerts